BREAKING NEWS
Search

සැමියා, වෙන කතක් එක්ක පෙම් සුව විඳිද්දි, බිරියත්, අනියම් සැමියා එක්ක හමුවෙලා… වෙච්ච දේ මෙන්න…

2572
සැමියා අනියම් බිරිය සමග පෙම් සුව විඳිමින් යන මාර්ගයේ ඉදිරියට බිරිය අනියම් සැමියා සමඟ පෙම් සුව විඳිමින් පැමිණි පුවතක් මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ උද්‍යානයකින් වාර්තා වෙනවා.
වසර 15කට පෙර නීත්‍යානුකූලව විවාහ වී ඇති මෙම යුවළට දරුවෝ දෙදෙනෙක් සිටිති. දෙදෙනාම රාජ්‍ය සේවකයෝ වෙති. මීට දින කීපයකට පෙර සිට සැමියා තම කාර්යාලයේ මිතුරකු සමග මිතුරෙකුගේ නිවසට යන බව බිරියට පවසා ඇත.

ඒ අනුව පසුගියදා උදේ බිරිය කෑම පැකට් දෙකක් සකසා දී සැමියා උදේ පාන්දරින්ම කොළඹ බලා පිටත් කළාය.

දින කීපයකට පෙර සිට සැමියා දුර පලාතක මිතුරෙකුගේ නිවසට යන බව පැවැසීම නිසා ඉන් ප්‍රයෝජන ගත් බිරිය තම අනියම් සැමියා දැනුවත් කර අදාළ දින අදාළ උද්‍යානයේදී හමුවීමට කතිකා කර ගත්තාය.

සැමියා ගිය පසු දරුවන් දෙදෙනා තම නිවෙස අසල සිටින මවට බාරදී තමා කාර්යාලයේ හදිසි වැඩකට යන බව පවසා අනියම් සැමියා සොයා ගියාය.

ඔහු සමග අදාළ උද්‍යානයේ පෙම් සුව විඳිමින් කාලය ගත කළාය.

සවස් වනවිට ඇය නිවෙස වෙත යාමට අනියම් සැමියා සමඟ මාර්ගයට පිවිස ගමන් ගන්නා ඉදිරියට තම සැමියා තවත් කාන්තාවක තුරුලු කරගෙන එන අයුරු දැකීමෙන් ඇයට තරු පෙනුණි.

තම බිරිය ද වෙනත් පුරුෂයකු සමග පැමිණෙන අයුරු දැකීමෙන් සැමියාටද තරු පෙනුණි.

මාර්ගයේ මුහුණට මුහුණ හමුවුණු දෙදෙනා දෙදෙනාටම චෝදනා කර ගනිමින් අරගල කරගන්නා අතරතුර අනියම් සැමියා සහ අනියම් බිරිය හීන්සැරේ ඉන් පිටව ගියේ කිසිවක් නොවුණු ගාණටය.

මේ දෙස බලා සිටි අවට සිටි පිරිසගේ උසුළු විසුළු මැද බිරිඳ හා සැමියා බිම බලාගෙන යන්න ගියේ ලජ්ජාවෙන් දෙන්නා දෙන්නාටම ගෙදර ගිහින් බලාගමු යැයි ඉඟි කරමිනි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *