BREAKING NEWS
Search

චමරිට අකරතැබ්බයක්

167

එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහිව අද (11) පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකා නායිකාව පාදයේ ආබාධයකට ලක්විය.

ශ්‍රී ලංකා ඉනිමේ 5.3වන පන්දුවාරයේ දී ලකුණක් කරා දිව යෑමේදී ඇගේ දකුණු කකුල මෙලෙස අබාධයට ලක්වූවාය.

ඒ හේතුවෙන් ඇය ආධාරකයක් යොදාගනිමින් ක්‍රීඩා පිටියෙන් පිටතට රැගෙන යාමට ශ්‍රී ලංකා භෞත චිකිත්සකවරයා ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කළේය.

ඇය පිටියෙන් ඉවත්ව යන විට ශ්‍රී ලංකාව ලකුණු 17ක් රැස්කර සිටි අතර, එහිදී චමරි පන්දු 20කට මුහුණදී ලකුණු 7ක් රැස්කරගෙන සිටියහ.

කෙ‍සේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ චමරි නැවත පන්දුවට පහරදීමට බව කණ්ඩායම් කළමනාකාරිත්වය තහවුරු කළ බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *