BREAKING NEWS
Search

ඩියෝල්ට කොලොප්පම් කළ ලාබාට වැඩ වරදියි

258

එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගයේදී ICC ආචාර ධර්ම උල්ලංඝනය කිරීම හේතුවෙන් දකුණු අප්‍රිකානු වමත් දඟපන්දු යවන ක්‍රීඩිකා නොන්කුලුලෙකෝ ලාබාට දඬුවම් ලකුණක් නියම කර ඇත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ICCය සඳහන් කළේ, ඉන්දීය ක්‍රීඩිකා හාර්ලීන් ඩියෝල්ව දවාගැනීමෙන් පසු ලාබා “දැඩි අපහාසාත්මක කඩුලු සැමරුමක්” සිදුකර ඇති බව තහවුරු වූ බවය.

පසුගිය 9 වනදා පැවති මෙම තරගයේ ඉන්දීය ඉනිමේ 17 වන පන්දුවාරයේදී මෙම සිදුවීම සිදුව තිබේ.

“ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් අතරතුර පිතිකරුවෙකු දැවී ගිය පසු ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් ඇති කළ හැකි හෝ අවමන් කරන භාෂාව, ක්‍රියාවන් හෝ අභිනයන් භාවිතා කිරීම” යන 2.5 වගන්තිය, ලාබා විසින් උල්ලංඝනය කර ඇති බව ICCය විනිශ්චය කර ඇත.

පිටියේ විනිසුරුවරියන් ලෙස කටයුතු කළ ජැක්ලින් විලියම්ස් සහ කිම් කොටන්, තෙවන විනිසුරු කැන්ඩේස් ලෙ බෝර්ඩ් සහ සිව්වන විනිසුරු සූ රෙඩ්ෆර්න් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ලාබා ද වරද පිළිගෙන ඇති අතර, ඒ අනුව තරග තීරක ටෲඩි ඇන්ඩර්සන් විසින් නියම කළ දඬුවම ඇය පිළිගෙන ඇත.

මෙම තරගයෙන් ඉන්දියාවට එරෙහිව කඩුලු 3ක සටන්කාමී ජයක් ලැබීමට දකුණු අප්‍රිකාවට හැකිවිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *