රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මේ අන්න ඒ ප්‍රශ්නයට හොඳ පිළිතුරක්..
දමිතා අබේරත්න, ලංකාවේ කවුරුත් ආදරය කරන මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය ඇගේ මුහුණු පොතට මෙන්න මේ වගේ විශේෂ සටහනක් එක්කරලා තිබුණා.
ඒ මීට අවුරුදු 30කට ඉහත ඇගේ දෑතේ නැලවුණු පුංචි පුතා වෙනුවෙන්.. මේ අන්න ඒ ආදරණීය සටහනයි..
“අවුරුදු 30කට කලින් ඔයා ඔයාගෙ අම්මට අම්මා කියන්න කලින් මටයි අම්මා කිව්වේ.. පුතේ.. එදා එරුණු කිරි තද වුනා මගෙ පපුවේ..
පුතේ අද ඔයා ලොකු මිනිහෙක්.. නැන්දිව මිත්තනියකුත් කලා ඔයා..
අද මගෙ අත උඩ අත් දෙකක්.. බරයි ගැඹුරුයි මේ හැඟීම…
එදා ඉඳන් වැදූ අම්මා නොවුනට හැදූ අම්මා වෙන්න පුළුවන් වුණා මට.. ඉතින් පුතේ ජීවිතේ ලොකු වගකීම් ගොඩක් එක්ක අහිමි වීම් ගොඩක් එක්ක හිමිවුණු ආදරයයි සතුටයි රැකගෙන ජීවිතේ දිනන්න..
මේ උපන්දිනේ දවසෙ මම ප්‍රාර්ථනා කරන්නේම ඔයාලගෙ ජීවිත දිනේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දුකින් මිදේවා සතුට ආදරය පිරී ඉතිරේවා..
ජයෙන් ජයම ලැබේවා දියුණුවෙන් දියුණුවට පත්වේවා.. සිනසීම සතුට පමණක්ම ලැබේවා.. ආදරෙයි මේ හැදූ අම්මා උඹට..”






















