“අසූව දශකයේ මැද භාගයේ එක් දිනක් මගේ මව හමුවීමට මගේ සහෝදරිය සමග මවගේ නිවසට ගියවිට, ඇයගේ පරම්පරාවෙන් ඇයට උරුම වූ රිදී භාණ්ඩ කීපයක් දෙස බලමින් සිටිනු මගේ මතකයේ රැඳී තිබේ. …ඇය ඒ ඒ එක් එක් භාණ්ඩයේ වටිනාකම සාකච්ජා කරමින් පසුවූවා ය.
පවුලේ උරුමයෙන් ලත් එම භාණ්ඩ අලෙවි කිරීමට ඈ කැමති වීම පිළිබද විමතියට පත් මම, ඇයට එසේ කිරීමට උවමනා වී ඇත්තේ ඇයිදැයි විමසා සිටියෙමි.
එවිට ඇය මට පැහැදිලි කර සිටියේ විදේශයකදී තමාට සිදු කිරීමට නියමිත උකුල් අස්ථියේ ශල්‍ය කර්මය සඳහා මුදල් අවශ්‍යව ඇති බවයි…
මේ වනාහි වසර දොලහක් රටෙහි අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ තැනැත්තියයි.
ඇගේ මූල්‍ය තත්වය දැකීමෙන් මම මහත් කම්පාවට පත්වීමි. නමුදු මම ඒ සමගම මගේ මව පිළිබඳව අභිමානයට පත්වීමි.
එවන් නායිකාවක් දැයෙන් සමුගෙන අදට වසර 25 කි.
ඔබට නිවන් සුව අම්මේ!”


















