BREAKING NEWS
Search

මහනුවර දරුවන් දෙදෙනෙක් අතුරුදන්

385

මහනුවර තැන්කුඹුර ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු අතුරුදන් වී ඇති බවට කාන්තාවක මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචි එම්. ඉන්ද්‍රා කමනී නමැති කාන්තාවක විසින් කර ඇති පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ කේ. ජගතීස් නමැති තම 13 හැවිරිදි පුත්‍රයා සමග නිවෙසේ සිටි 13 හැවිරිදි මොහොමඩ් මිල්හාන් යන අය ඊයේ (08) සවස් කාලයේ සිට අතුරුදන්ව ඇති බවයි.

අතුරුදන් මොහොමඩ් මිල්හාන් නැමැති සිසුවා අතුරුදන් බවට ඔහුගේ පුංචි අම්මා විසින් පසුව පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර ඔහුගේ මව විදේශගතව සිටින බව පොලිසිය කියයි.

එක් සිසුවකු මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක 8 වසරේ ඉගෙනුම ලබන අතර අනෙක් සිසුවා නගරයේ ද්‍රවිඩ භාෂා පාසලක 8 වසරේ ඉගෙනුම ලබන බව පැමිණිල්ලේ සඳහන්ය.

ඔවුන් දෙදෙනා තැන්නේකුඹුර ප්‍රදේශයේ මහවැලි ගඟ දෙසට යන ආකාරය ප්‍රදේශවාසීන් දැක ඇති අතර ඒ ඔස්සේ විමර්ශන සිදුකරමින් පවතින බව පොලිසිය කියයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *