BREAKING NEWS
Search

මඟුල් ගෙදරින් ලැබුණු ඩබල් බෝනස් … සබරගමුව පළාතේ සිදුවූ අපුරු කතාවක්

1365

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සබරගමුව පළාතේ සිදුවූ අපුරු කතා පුවතකි….
ඔහු විවාහ මඟුල් ගෙවල්වල අෂ්ටක කියන පුද්ගලයෙක්.

ඔහුගේ අෂ්ටක කීම හරිම ලස්සන‍යි. කටහඬ ද මිහිරිය හැම දෙනාගේම සිත් දිනාගැනීමට දක්ෂයි.

ඒ නිසා දුර පළාත්වලින් පවා ආරාධනා ආවා …

දිනක් ඔහුට මඟු‍ල් ගෙදරක අෂ්ටක කීමට ආරාධනාවක් ලැබුණා .

ඒ අනුව උදෑසනම ලක ලෑස්ති වී අවශ්‍ය ආම්පන්න රැගෙන විවාහ උත්සවය පැවැත්වෙන හෝටලයට ගියා.

එම විවාහ උත්සවය ප්‍රදේශයේ ධනවත් පවුල් දෙකක් අතර සිදු වූ එකක්.

අෂ්ටක කීම ආරම්භ කෙරුණා ..

පවුල් දෙකම සතුටට පත්වන ආකාරයට ඔහු වැඩ කටයුතු කළා. ඒ අනුව ඔහුට දෙපාර්ශවයෙන්ම තුටු පඬුරු ලැබුණා.

‘එහෙනම් ඔන්න මගේ වැඩ ටික ඉවරයි’. කියමින් ඔහු තම බඩු භාණ්ඩ මල්ලකට දමා ගත්තා ..

‘අනේ මහත්තයෝ, හරි වැඩක් වෙලා තියෙන්නේ. අපේ පැත්තෙන් කතා කරන එක්කෙනා එනකොට ත්‍රීවිල් එක හැපිලා එයා ඉස්පිරිතාලෙ’ මනමාලියගේ පැත්තේ පියා කීව්වා…

‘ටික වේලාවක් ඉඳලා ඒ වැඩෙත් කරලා දීලා යන්නකෝ’.

‘හරි එහෙනම්, මට වැඩිපුර ගණනක් ගෙවන්න වේවි. මොකද මම පොරොන්දු වුණේ අෂ්ටක කියන්න විතරයි නෙ’. ඔහු ඇඟට පතට නොදැනී කීව්වා.
‘ඒක ප්‍රශ්නයක් කරගන්න එපා’ මනාලියගේ පියා පිළිතුරු දුන්නා …

ඒ අනුව ඔහු මනාලියගේ පැත්තෙන් අපූරු කතාවක් කළේය මනාලියගේ ගති පැවැතුම් වැදගත් චරිතය වර්ණනා කළා.

මනාලියගේ පියාට මහත් සතුටක් . ඒ අනුව ඔහු අෂ්ටක කී පුද්ගලයාට ලොකු මුදලක් ලියුම් කවරයකට දමා දෑතින්ම දුන්නා…

ඔහු ද එය දෙකට නවා තම සාක්කුවට දමාගෙන හෝටලයෙන් පිටවූයේ ‘අද නම් මට ඩබල් බෝනස්’ කියමින්…

දෙයියෝ සාක්කි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *