BYD වාහන ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න

4934

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

චීනයේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන (EV) නිෂ්පාදකයා වන BYD සමාගම එක්සත් රාජධානිය (UK) තම සමාගමේ චීනයෙන් පිටත විශාලතම වෙළෙඳපොළ බවට පත් වී ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.
2024 සැප්තැම්බර් මාසයේදී සමාගමේ එක්සත් රාජධානියේ වාහන විකුණුම් පෙර වසරට සාපේක්ෂව 880% කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

ජනප්‍රියතම මාදිලිය වී ඇත්තේ Seal U නමැති ප්ලග්-ඉන් දෙමුහුන් (Plug-in Hybrid) SUV රථයයි. පසුගිය මාසයේදී BYD Seal U වාහන 11,271 ක් එක්සත් රාජධානියේ අලෙවි වී තිබෙනවා.

මෙම වාර්තාගත වර්ධනය, එක්සත් රාජධානියේ විද්‍යුත් සහ දෙමුහුන් වාහන සඳහා ඇති ඉල්ලුම ඉහළ යෑම සමඟ සමපාත වෙනවා. සැප්තැම්බර් මාසයේදී පමණක් විද්‍යුත් වාහන (Pure EV) 73,000 කට ආසන්න සංඛ්‍යාවක් අලෙවි වී තිබෙනවා.

යුරෝපා සංගමයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ චීන විද්‍යුත් වාහන සඳහා පවතින තීරුබදු එක්සත් රාජධානියේ නොතිබීම, මෙම වර්ධනයට මූලික හේතුවක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *