ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා මව් සංසදයේ පූර්ණ අනුග්‍රහය හා දායකත්වය ඇතිව කෑගල්ල දිස්ත්‍රික් ප්‍රවීණයන්ගේ සංසදයේ කෝප්‍රල් පතිරණ ඩී.පී.පී මෙම මස 10 වැනිදාට යෙදෙන යුද හමුදා දිනය නිමිත්තෙන් වරකාපොළ නගරයේ සිට මහනුවර ශ්‍රී දළදා මාළිගාව දක්වා කිලෝමීටර් 60 දුර ප්‍රමාණයක් පයින් ගමන් කිරීමට නියමිතය.
මෙම 10 වැනිදා පෙරවරු 7.00 වරකාපොළින් පා ගමන ආරම්භ වන අතර එදින කඩුගන්නාවේ නවාතැන් ගෙන නැවත 11 වැනිදා කඩුගන්නාවේ සිට ගමන් ආරම්භ කරයි.
කෝප්‍රල් පතිරණ ඩී.පී.පී ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකායට අභිමානයක් ගෙනදීමේ අරමුණින් මෙම පා ගමනේ යෙදෙන අතර මොහු ශ්‍රී ලංකා පොලිසියේ සේවය කර අනතුරුව යුද හමුදාවට එක්වී වසර 12 ක සේවා කාලය සම්පූර්ණ කර ඇත.
වරකාපොල සරත් ආනන්ද ලියනගේ


















