මේ මාරක යතුරු පැදි අනතුරකින් දිවි අහිමි වුණු තරුණයෙකු ගැන ඇහෙන කතාවක්…
හොරණ, බුලත්සිංහල ප්රධාන මාර්ගයේ බුලත්සිංහල ඉන්ධන පිරවුම්හල ආසන්නයේ දී යතුරුපැදියක් මගියකුගේ සිරුරේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු වන 18 හැවිරිදි තරුණයකු මිය ගොස් තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ මගියා හොරණ දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි බුලත්සිංහල පොලිසිය පවසන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ විතාරණගේ අනුහස් නිරංජන නැමති දෙල්ගස්මූකලාන, බුලත්සිංහල ලිපිනයේ පදිංචි තරුණයෙක්.
මෙම තරුණයා යතුරු පැදියෙන් හොරණ දෙස සිට මතුගම දෙසට ගමන් කර ඇති අතර එම අවස්ථාවේ මාර්ගයේ පාර මාරු වෙමින් සිටි මගියකුගේ ගැටී ඇතැයි පොලිසිය සඳහනක් කරනවා.
අනතුරින් යතුරුපැදිය මීටර් 20 පමණ මතුගම දෙසට රෝල් වී ගොස් මාර්ගය මැද ඇති බැම්මේ තරුණයාගේ හිස වැදී තිබුණා.
බරපතල තුවාල ලැබූ මගියා සහ තරුණයා බුලත්සිංහල රෝහලට ඇතුළත් කර ඇති අතර තරුණයා එහිදී මිය ගොස් තිබෙනවා.


















