BREAKING NEWS
Search

තරුණයින් අතර ජනප්‍රිය ගායකයෙක් රිය අනතුරකින් මරුට

20446

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

රියඅනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර සිටි ඉන්දියාවේ ජනප්‍රිය පන්ජාබි ගායක රාජ්වීර් ජවන්දාගේ මියගොස් තිබේ.

උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් මාරාන්තික තුවාල ලබා දින 11 කට පසු අද (08)35 හැවිරිදි රාජ්වීර් ජවන්දා මෙලෙස මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ඔහු සිය යතුරුපැදිගෙන් ගමන් කරමින් සිටියදී එකවැරම මාර්ගයට පැමිණි ගවයන් රෑනක් සමඟ ගැටීමෙන් යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව ජවන්දා මෙම අනතුරට මුහුණු දී ඇති බව වාර්තා වේ.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් රසිකයන් දැඩි ලෙස කම්පාවට පත්ව ඇති බව සඳහන්වේ.

ඔහුගේ ගීත පන්ජාබයේ විශේෂයෙන් තරුණයින් අතර ඔහුව ජනප්‍රිය චරිතයක් බවට පත් කළ බව පැවසේ.

රාජ්වීර් ජවන්දාගේ යූ ටියුබ් නාලිකාවට පරිශීලකයන් 900,000 කට වඩා සිටින අතර ඔහුගේ සංගීත වීඩියෝ නැරඹුම් වාර මිලියන ගණනක් නරඹා ඇත.

ජවාන්ඩා පන්ජාබි චිත්‍රපට කිහිපයක ද රඟපා තිබේ.

ඉන්දියාවේ ජනප්‍රිය පන්ජාබි ගායක රාජ්වීර් රිය අනතුරකින් මරුට




Leave a Reply

Your email address will not be published. Required fields are marked *