BREAKING NEWS
Search

පාරට කාපට් කන්නද කියලා එදා ඔබලා විපක්ෂයේ ඉද්දී ඇහුවා. එහෙම අය අද පාරවල් හදනවා

42

දේශපාලකයන්ට කඩේ ගියාම වෙන දේ ගැන හොඳින් අධ්‍යයනය කරන්නැයි පොලිස්පතිට කියන බව පත්කළ මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාරට කාපට් කන්නද කියලා එදා ඔබලා විපක්ෂයේ ඉද්දී ඇහුවා. එහෙම ඉතිහාසයක් තියෙන උදවිය අද පාරවල් හදන්න මහන්සි වෙනවා. ඒක හොඳයි.

ඔබේ ආණ්ඩුවේ ප්‍රගතිය ගැන අපි කාටත් ප්‍රශ්නයක් තියෙනවා.එක් එක් අමාත්‍යංශ වලින්  ලැබූ ප්‍රගතිය මොනවාද? පහුගිය අය වැයේ වෙන් කළ මුදලින් කොපමණ ආයෝජන කර තිබෙනවාද? ඒ ගැන ජනතාවට දැනුම් දෙන්න.දීපු මුදල් වියදම් කරලද? නැද්ද? කියන සාකච්ඡාවක් අද තියෙනවා.

මීළඟ මාස හතරේ යම් සංවර්ධන වැඩපිළිවෙළක් ඉටු කරනු ඇතැයි අප හිතනවා. දැන් පහුගිය අවුරුදු වලට බැන බැන කාලේ නාස්ති කරන්න එපා .මේ යන්නේ දෙවැනි අවුරුද්ද .පසුගිය කාලයේ පොලිසිය දේශපාලනීකරණය කිරීම ගැන කතා කළා.අද පොලිස් කොමිසමේ ස්වාධීන බව නැති කරලා.

පොලිස්පතිට බලය ගන්න හදනවා.ඒකෙන් අපේක්ෂා කරන්න හදන්නේ මොකක්ද? ජනතාවට සේවය කරන්නද? හොරු අල්ලනද? දැන් පහුගිය කාලේ සත්තු වත්තෙන් සත්තු තිස් දෙන්නෙක් හොරකම් කරගෙන ගිහිල්ලා. පොලිස් කොමිසමට ඒ මාරුවීම් ලබාදෙන්න ඉඩ දෙන්න.ඒකට දේශපාලන මැදිහත්වීම් කරන්නේ ඇයි? යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *