BREAKING NEWS
Search

නායයෑමට හසුවූ බස් රථයක සිටි පිරිසක් නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගනී..

582

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මේ තවත් එක් බිහිසුණු අනතුරක් ගැන ඇසෙන කතාවක්. මේ පුවත වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්.
ඉන්දියාවේ බිලාස්පූර් දිස්ත්‍රික්කයේ හිමාචල් ප්‍රදේශයේ නාය යාමකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නායයෑමට හසුවූ බස් රථයක සිටි පිරිසක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

සිද්ධියෙන් මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් පවසා තිබෙනවා.

මගීන් 30ක් පමණ රැගත් බස් රථය හර්යානාවේ, රොහ්ටැල් සිට ගුමර්වින් ප්‍රදේශය දක්වා ගමන් කරන අතරතුර මෙම අනතුර සිදුව ඇතැයිද වාර්තා වනවා.

පිරිස් මුදාගැනීම සඳහා මේ වන විටත් මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *