BREAKING NEWS
Search

පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්

511

අන්තර්ජාලය ඔස්සේ සිදුවන මුල්‍ය වංචා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ටෙලිග්‍රෑම්, වට්ස්ඇප් ආදී ගිණුම් හරහා සහ වෙනත් සමාජ මාධ්‍ය සමූහ උපයෝගී කර ගනිමින් මෙම වංචනික ක්‍රියා සිදුවන බව පොලීසිය සඳහන් කළේය.

මෙවැනි මුල්‍ය වංචා සම්බන්ධයෙන් දෛනිකව පැමිණිලි වාර්තා වන බව ද පොලීසිය පවසයි.

එබැවින් භාවිතකරන සමාජ මාධ්‍ය ජාලා ගිණුම් තුළ නොදන්නා පුද්ගලයින් සහ  සමාජ මාධ්‍ය සමුහ මඟින් විවිධ ආදායම් මාර්ග ලබාදෙන බව සඳහන් කරමින් සිදුකරන වංචනික පෙළඹවීම්වලට හසු නොවන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එමෙන්ම ගිණුම් අංක, මුරපද ආදී රහස්‍ය තොරතුරු බාහිර පුද්ගලයින්ට ලබා දීමෙන් වලකින ලෙසටත් දැනුම් දෙන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *