BREAKING NEWS
Search

නිල්වැල්ල මුහුදේ දිය නෑමට ගිය තිදෙනෙක් ගසාගෙන යයි – අයෙක් මරුට

134

දික්වැල්ල, නිල්වැල්ල බ්ලූබීචි දුපත අසල මුහුදේ දිය නෑමට ගිය යටියන ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකු දියේ ගසාගෙන ගොස් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (06) පස්වරු 3.30ට පමණ මෙම අනතුර සිදුව තිබූ අතර, පුද්ගලයින් දෙදෙනෙකු රෝහල්ගත කර ඇත.

ප්‍රදේශවාසින් එක්ව දියේ ගිලුණු පිරිස බේරාගැනීමට උත්සාහ දරා ඇති අතර, එහිදී ඵක් පුද්ගලයකු මියගොස් තිබේ.

මියගොස් ඇති පුද්ගලයාගේ මෘතදේහය බතීගම රෝහලට රැගෙන ගොස් ඇති අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා මාතර මහ රෝහලේ දැඩිසත්කාර ඵ්කකයේ ප්‍රතිකාර ලබයි.

මියගොස් ඇත්තේ 32 හැවිරිදි මැදවියන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු වන අතර, 51 හැවිරිදි සහ 38 හැවිරිදි පුද්ගලයින් දෙදෙනා රෝහල්ගතව සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *