බීමත් සැමියෙකු විසින් සිය බිරිඳ ගිනිතබා ඝාතනය කළ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ වැල්ලම්පිටිය ප්‍රදේශයෙන්.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 29ක් වූ එක්දරු මවක්.
මෙම කාන්තාවගේ සැමියා විසින් වහලය දෙසින් නිවසට ඇතුළු වී පෙට්‍රල් බෝතලයක් රැගෙන විත් මෙම කාන්තාවගේ ඔලුවට පෙට්‍රල් දමා තිබෙනවා.
ඉන්පසු එම කාන්තාවගේ දරුවාත් මෙම සැකකරු විසින් රැගෙන වහලෙන් වහලට පැන ගොස් නිවසක වහලයක් උඩ මෙම දරුවා තබා පැන ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම සිද්ධියට මූලික හේතුව මෙම සැකකරු විසින් විටින් විට ඇයට මරණ තර්ජනය කර ඇති අතර කාන්තාව මෙම සැකකරුට විරුද්ධව පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.
දික්කසාද වීමට නඩුවක්ද පවරා ඇති අතර මෙම සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බව සඳහන් වෙන අතර නිතර නිතර මත්පැන් මිලදී ගැනීම සඳහා කාන්තාවගෙන් මුදල් ඉල්ලා ඇති බවයි සදහන් වෙන්නේ.
වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.
















