BREAKING NEWS
Search

වාර්ථා තබමින් වෙනස් වන රත්තරන් මිල

5484

ගෝලීය වෙළෙඳපොල වාර්තා අලුත් කරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට රත්‍රං අවුන්සයක මිල ඩොලර් 3,900 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ, ලොව පුරා ආර්ථික හා දේශපාලන අවිනිශ්චිතතාවයන් හේතුවෙන් ආයෝජකයන් සුරක්ෂිත ආයෝජනයක් ලෙස රත්‍රන් වෙත යොමු වීම හේතුවෙන්.

එමෙන්ම අමෙරිකාවේ අයවැය සම්මත නොවීම, ජපන් යෙන් මුදලේ අගය තියුණු ලෙස පහත වැටීම ඇතුළු ආසියානු මුදල්වල පුළුල් දුර්වලතා හේතුවෙන්.

ආයෝජකයින් ආරක්ෂිත වත්කමක් ලෙස රත්‍රං වෙත යොමු වී තිබෙනවා.

විශ්ලේෂකයන් පවසන්නේ, මේ අනුව රන් මිල කෙටි කාලීනව ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි.

ඩොලරය තවදුරටත් දුර්වල වුවහොත්, රන් අවුන්සයක මිල ඩොලර් 4,000 සීමාව ඉක්මවා යනු ඇතැයි ද මත පළ වනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *