ගොවි මණ්ඩලයේ ලොක්කන් 19කට හොර පාරෙන් දීමනා දීලා

0

කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් 19 දෙනකුට රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයට පටහැනිව රුපියල් ලක්ෂ තිස් එකක ප්‍රවාහන දීමනා ගෙවා ඇතැයි  ජාතික විගණන කාර්යාලය පවසයි.

ප්‍රවාහන දීමනා වශයෙන් නීතියට පිටින් 2022 වර්ෂයේ දී ලක්ෂ දහතුනකට වැඩි මුදලක්ද 2023 වර්ෂයේදී ලක්‍ෂ දහඅටකට වැඩි මුදලක්ද  ගෙවා ඇත. මේ තොරතුරු සඳහන් වන්නේ  කෘෂිකාර්මික හා ගොවි ජනරක්ෂණ මණ්ඩලයේ  කාර්ය සාධන වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *