BREAKING NEWS
Search

තරුණයින් දෙදෙනෙක් දුම්රියට බිලිවෙයි

432

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කඩුගන්නාව දුම්රියපොළ ආසන්නයේ දී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මහනුවර සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස කනත්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි.

මේ අතර මන්නාරම පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී ද දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇත.

තලෛයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිව 32 හැවිරිදි අයෙකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *