BREAKING NEWS
Search

බස් එලවන ගමන් අයිස් බෙදූ CTB ඩ්‍රයිවර් බිරිඳගේ ඔත්තුවට මාට්ටු

2295

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අයිප් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ලංගම බස් රියදුරෙක් සහ ඔහුගේ බිරිඳ වැලිමඩ අඹගස්දෙව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
පොලිසියට ලැබුණු තොරතුරක් මත ඌව පරණගෙයි. රහු පොල ප්‍රදේශයේ දී සැළකර කන්තාව අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා

අත්අඩංගුවට ගැනුණු කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්නම් කිරීම්වල දී ජාවාරමට සබන්ට ඇයගේ සැමිය පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමටයි පොලිසියට හැකිව ඇත්තේ

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය වැලිමඩ – නුවරඑළිය මාර්ගයේ බස් රථයක් ධාවනය කරමින් සිටිය දී සැකකාර සැමියා ද අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ

ඔහු සන්තකයේ ද තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබී තිබෙනවා

අත්අඩංගුවට ගැනුණු සැකකර සැමියා නැප්පෙටිපොල ලංගම ඩිපෝවට අනුයුක්තව රාජකාරී කරන අයෙක් බවයි වාර්තා වන්නේ.
මොවුන් දිගු කාලයක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර, අඹගස්දෝව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *