BREAKING NEWS
Search

විශ්වවිද්‍යාල හිමිනමක් උඩු මහලින් ඇද වැටී අපවත් වෙයි -මරණය සැකයි ගුරු හිමියෝ සහ දෙමාපියෝ කියති

346

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි ශිෂ්‍ය හිමිනමක විශ්වවිද්‍යාලය තුළදී ඉහළ මහලයකින් ඇද වැටී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සිකුරාදා (03 දා) අපවත් වී තිබේ. මෙලෙස අපවත් වී ඇත්තේ පූජ්‍ය දෙහිඅත්තකණ්ඩියේ සුමංගල නමැති 24 හැවිරිදි හිමිනමකි. උන්වහන්සේ ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවිදිව සිට ඇත.

පසුගිය 26 වැනිදා අලුයම 2.30ට පමණ භික්ෂු නේවාසිකාගාරයේ දෙවන මහලින් ඇද වැටීමෙන් පසු සිසුන් විසින්ම උන්වහන්සේ විශ්වවිද්‍යාලයට බාහිරින් ගෙන්වාගෙන ඇති ත්‍රිරෝද රථයකින් කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇතැයි පැවසේ. මෙම අනතුර සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයීය පරිපාලනය කිසිදු දැනුවත් වීමක් සිදුවී නැතැයි ද වාර්තා වේ. කෙසේ වෙතත් සුෂුම්නාවට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් සැත්කමකට ද භාජනය කර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ශිෂ්‍ය හිමිනම අපවත් වී තිබේ.

මෙම මරණය සැක සහිත බවට අපවත් වූ හිමියන්ගේ ගුරු හාමුදුරුවන් පැවිදි සහෝදරයන් හා උන්වහන්සේගේ මව්පියන් විසින් පොලිසියට ප්‍රකාශ කොට ඇත. විශ්වවිද්‍යාලය භාරයේ සිටි ශිෂ්‍යයකු මෙලෙස අවාසනාවන්ත ලෙස මියයෑමට විශ්වවිද්‍යාල පරිපාලනයේ වගකීම් විරහිත ක්‍රියාකාරීත්වය හේතු වී ඇති බවටද චෝදනා එල්ල වී තිබේ.

චතුර පමුණුව




Leave a Reply

Your email address will not be published. Required fields are marked *