BREAKING NEWS
Search

පිළිකා රෝගීන් ගැන බය හිතෙන අනාවරණයක්

1732

එක ඇඳක රෝගීන් දෙදෙනෙක් හෝ ඇඳන් දෙකක් එක්කොට රෝගීන් තිදෙනෙක් – විශේෂඥ වෛද්‍ය සේනක කන්දේගෙදර

මහනුවර ජාතික රෝහලට මෙම වසර තුළ ඇතුළත් වූ නවක පිළිකා රෝගීන් සංඛ්‍යාව 4170 ක් බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සේනක කන්දේගෙදර මහතා පවසයි.

දිනකට නව පිළිකා රෝගීන් පස්දෙනකුට ආසන්න පිරිසක් ලියාපදිංචි වන අතර මහනුවර රෝහලේ දී පමණක් දිනකට කිමෝ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව සියය ඉක්මවන බවද හෙතෙම කීය.

නේවාසික ප්‍රතිකාර සඳහා එක් වාට්ටුවක රෝගීන් 105 ක් පමණ නේවාසිකව සිටින බවත් වාට්ටුවේ එක ඇඳක රෝගීන් දෙදෙනෙක් හෝ ඇඳන් දෙකක් එක්කොට රෝගීන් තිදෙනකු සිටින අවස්ථා නිරන්තරයෙන්ම දක්නට ලැබෙන බවද හෙතෙම කියා සිටියේය.

මහරගම අපේක්ෂා රෝහලට පසුව වැඩිම පිළිකා රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබන රෝහල මහනුවර ජාතික රෝහල බවද වෛi සේනක කන්දේගෙදර මහතා කියයි.

සමන්ති වීරසේකර




Leave a Reply

Your email address will not be published. Required fields are marked *