සමාජ මාධ්‍ය කැලබු වාහන සිද්ධිය ගැන සමනලිගෙන් සැර පිළිතුරක්

0
පසු ගිය දිනවල සමාජ මාධ්‍ය කැලබු සිදුවීමක් ගැන සමනලී ෆොන්සේකා මෙසේ සටහනක් තබා තිබෙනවා.
පසුගිය සතියේ දකුණු කොරියාවේ පැවති බූසාන් ජාත්යන්තර සිනමා උළෙල නියෝජනය කරමින් එම චිත්රපටයේ නිර්මාණ කණ්ඩායමත් සමග අප ද එහි ගොස් සිටි බැවින් පහත කාරණාව සඳහා යමක් ලිවීමට ප්රමාද විය. ඒ සම්බන්ධයෙන් ප්රථමයෙන් කණගාටුව පළකරමි.
පසුගිය දිනවල කිසිදු අවසරයකින් තොරව ලබාගත් මාගේ ඡායාරූපයක් යොදාගනිමින්, සාවද්ය තොරතුරු ප්රචාරය කරමින් සංසරණය වූ මඩ පොස්ස්ටුව සහ ඊට අදාලව සමාජ මාධ්යන් තුළ සංසරණය වූ සියලු සාවද්ය ප්රකාශ තරයේ ප්රතික්ෂේප කරමි. ඒ සඳහා යොදාගෙන ඇති ඡායාරූපයේ දැක්වෙන අංක තහඩුව සහිත, රාජ්ය ලාංඡ්නය සහිත, කලු පැහැති, Mitsubishi වර්ගයේ වාහනය කිසිම අයුරකින් මට හිමි හෝ කිසිවෙකු විසින්/කිසිම ආයතනයක් විසින් මට පවරා දුන් වාහනයක් නොවන අතර මා කිසිම රාජ්ය ආයතනයක නිළතලයක් කිසිඳු දවසක දරා නොමැති බවත්, මේ වන විට ද නොදරණ බවත් පවසමි. මා සතුව ඇත්තේ මා පෞද්ගලිකව පරිහරණය කරන මා විසින් මූලික මුදල් යොදා, ඉතිරිය කල්බදු ණය පදනමක් මත වාරිකවලින් ගෙවාගෙන යනු ලබන වාහනයක් පමණි. මේ ඡායාරූපය මගේ අවසරයකින් තොරව ලබාගෙන ඇත්තේ නුගේගොඩ කෝපි අවන්හලකට මම පැමිණ සිටි අවස්ථාවකය. එදින අප එම ස්ථානයේ දී අපගේ ස්වේච්ඡා සහයෝගය ලබාදෙන, ඉදිරියේදී පවත්වන්නට නියමිත රාජ්ය සංස්කෘතික උළෙලක් සඳහා යෝජනාවලිය සකස් කිරීමේ මූලික හමුවක් වෙනුවෙන් රැස් වුන අතර අප අතර සිටි රජයේ තනතුරක් දරණ අපේ මිතුරකු එම සාකච්ඡාවට පැමිණියේ මෙම අංක තහඩු දරණ රජයෙන් ඔහු වෙත නීත්යානුකූලව ලබා දුන් වාහනයෙනි. මෙම සාවද්ය පෝස්ටුවට මූලික කරුණු සහ අවසරයකින් තොරව ලබාගත් ඡායාරූප ලබාදුන් පුද්ගලයාට ලබා ගත හැකිව තිබී ඇත්තේ, මම කෝපි අවන් හල ඇතුලේ සිටින ඡායාරූපයක් සහ එළියේ නවතා තිබූ රජයේ ආයතනයක රාජකාරියේ යෙදෙන අපේ මිතුරාට රජයෙන් නීත්යානුකූලව ලබා දී ඇති රජයේ ලාංඡනය සහිත වාහනයේ ඡායාරූපය පමණි. ඇත්තටම මෙවැනි පදනමක් නැති මඩ වලට දැන් නම් වටිනාකමක් ඇත්තේම නැත. එහෙත් රජය විසින් තමාට ලබාදුන් මෙම වාහනයට වග කියන අපගේ මිතුරා මේ වන විටත් ඔහුගේ අනවසරයෙන් එම වාහනයේ අංක තහඩු සමග ලබාගත් ඡායාරූප ප්රසිද්ධ කිරීම සහ එය මා සතු වාහනයක් යැයි නගන සාවද්ය චෝදනා සම්බන්ධව පරිගණක අපරාධ අංශයට පැමිණිල්ලක් යොමුකර ඇති අතර, මගේ ඡායාරූපය අනවසරයෙන් ලබාගෙන, එය යොදා ගනිමින් මගේ නොවන වාහනයක් මගේ යැයි කියමින් නගන සාවද්ය චෝදනා සම්බන්ධව පරිගණක අපරාධ අංශයට පැමිණිල්ලක් මාගේ පාර්ශ්වයෙන් යොමු කිරීමට අවශ්ය ලියකියවිලි මගේ නීතිඥවරු විසින් මේ වන විට සකසමින් සිටී.
අප දේශපාලනය කරන්නේ පදවි තානාන්තර, වරදාන වරප්රසාද බලාපොරොත්තුවෙන් යැයි යමෙකුට සිතෙන ඒ යල්පැන ගිය දේශපාලන සංස්කෘතිය දැන් වෙනස් වෙමින් පවතී. මෙවැනි සාවද්ය තොරතුරු වලින් තම පණ අදින දේශපාලන පක්ෂ සහ නායකයින් ගොඩ දැමීමට දඟලන පිරිස එය තේරුම්ගත යුතුය. අප විසින් උපයන මුදලින් කිසිම පුද්ගලයෙකුට හෝ කිසිම මූල්ය ආයතනයකට වංචාවක්, අකටයුත්තක් නොකර සරලව ජීවත් වීමට අද වනතුරු අපට හැකි වී ඇත. ඒ සඳහා කිසිඳු දේශපාලන පක්ෂයක, කිසිඳු රජයක, කිසිදු රජයේ ආයතනයක දේපොළක් හෝ මුදලක් අප විසින් භාවිතා හෝ අවභාවිතා කර නැත.
අවසාන වශයෙන් කිවයුත්තේ තමන් මේ රටේ අසරණ ජනතාවට, මේ රටේ අහිංසක දරු පරම්පරාවට සිදු කළ පාපයන් වල වසුරු තමන්ගේ සහ තම නෑදෑ හත්මුතු පරම්පරාවෙත්, අන්තේවාසිකයන්ගේත් හත්පොලේ ගෑවෙද්දී, ඒ හමන දුගඳින් බේරීමට නම් ඔවුන්ට තව බොහෝ දුර දිව යා යුතු බවයි! තම මඩිය පමණක් තරකර ගමින් තම වගකීම්, වගවීම් පැහැර හරිමින්. ජනතාව කෙරෙහි අවම සානුකම්පිත හැඟීමක්වත් නොමැතිව ක්රියා කළ මේ දූෂිත, මිනීමරු, බංකලොත් දේශපාලකයන් හරිහමන් පදනමක් නොමැතිව, සාවද්ය චෝදනා කරමින් තමන්ව ආරක්ෂා කර ගැනීමට සැඟවෙන්නට තැන් සොයාගෙන දිව යා යුතු දුර තව කොපමණදැයි මේ රටේ ජනතාව විසින් ඉදිරියේ දී තව තවත් ප්රත්යක්ෂව තීරණය කරනු ඇත..!”
– සමනලී ෆොන්සේකා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *