බැරි වැඩ කරන්න යනවට හොඳ පාඩම. අලුත ගෙනා මනාලියට වැඩ පෙන්නලා, කොන්ද කඩාගත් මනාලයා!

0
අලුත ගෙනා මනාලියට වැඩ පෙන්නීමට ගොස් කොන්ද කඩා ගත් මනාලයකු පිළිබඳ මේ පුවත වාර්තා වූයේ මෙරට මැණික්වලට ප්‍රසිද්ධ නගරාසන්න ගම්මානයකිනි.

ලිපිකරු විභාගයෙන් සමත්වූ ඔහු අගනුවරට පත්වීමක් ලබාගොස් එහිදී දැන හඳුනාගත් තරුණියක සමඟ පෙම් සබඳතාවක් ඇති කර ගත්තත් ඇය එතරම් රූමතියක නොවූ නිසා විවාහයට අදි මදි කළේය.

එහෙත් ඇගේ මවුපියන්ගේ බලපෑම මත ඔහුට ඇය විවාහ කර ගැනීමට සිදුවිය.

මෙය දැනගත් මවුපියන් ඇය සමග ගෙදර එන ලෙස දැන්වූයේ මේ එකම පුතා නිසාය.

අගනුවරම හැදී වැඩී විලාසිතාවලට හුරුවී සිටි ඇය ගමට ආවේ දැඩි සතුටෙනි.

පැමිණි මුල් දිනයේම ඔහු සමඟ වත්ත පිටිය බැලීමට ගිය ඇය පේර ගසක ඉදුණු ගෙඩියක් දැක එය කඩා ගැනීමට කෙක්කක් සෙව්වාය.

‘අයියෝ ඕවට කෙකි මොකටද?’ කී ඔහු එක පිම්මේ ගසට නැග්ගේ තම මනාලියට වැඩ පෙන්වීමටය.

එහෙත් ගස දිගේ උඩටම නැග ගත් ඔහු ලිස්සා ගොස් පහළට ඇද වැටුණේ තම කොන්ද ගලක වැදී දැඩි හානියක් කරගෙනය.

මෙය දුටු අම්මා ද කෑ ගසාගෙන එතැනට ආවේ ‘‘බැරි වැඩ කරන්න යනවට හොඳ පාඩම’’ කියාගෙන ලු.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *