ලෝක ළමා දිනය සැමරීමට සිය විදුහලට මත්වතුර බෝතලයක් රැගෙන පැමිණි අම්බලන්ගොඩ පාසලක සිසුන් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.
මෙසේ බාරයට ගත් සිසුහු සිව් දෙනා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිටින අය වෙති.
ඔවුන්ට දැඩි ලෙස අවවාද කර ඔවුන්ගේ මවුපියන්ට පෙරේදා (1) පස්වරුවේම බාර දුන් බව ද පොලීසිය කියයි.
අනතුරුව මෙම සිව් දෙනා මවුපියන්ගේ කැමැත්ත සහිතව එම පාසලෙන් ඉවත් කර ගෙන ඇතැයි විදුහල් ආරංචි මාර්ග කියයි.
ලෝක ළමා දිනය පැවැති පෙරේදා (1) සිසුන් සිව්දෙනා වතුර බෝතලයකට මත්පැන් පුරවා පාසලට රැගෙන පැමිණ ඇති බවත් පොලිසිය කියයි.
මත් වතුර රැගෙන ආ බවට විදුහලෙන් ලැබුණු තොරතුරකට අනුව ඔවුන් සිව්දෙනාම සිය බාරයට ගෙන ප්‍රශ්න කිරීමේ දී ඔවුන් හික්කඩුවේ මත්පැන්හලකින් මත්පැන් මිලට ගෙන වතුර බෝතලයකට දමාගෙන පැමිණ ඇති බව අනාවරණය වීයැයි පොලීසිය කියයි.