සාධාරණ පරීක්ෂණයක් පවත්වා තාජුදින්ගේ ආත්මයට සාධාරණය ඉටු කරන්නැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කළේය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය ආණ්ඩුව පොලිසිය පාවිච්චි කරලා බොරු සාක්ෂි හදනවා.
පොලිසිය කරන්න ඕන ආණ්ඩුවට කඩේ ගිහිල්ලා ප්‍රමෝෂන් ගන්න එක නොවෙයි. ගෞරවය ආරක්ෂා කර කරගන්න කියලා පොලිසියෙන් ඉල්ලීමක් කරනවා.
තාජුදින් සිද්ධිය සම්බන්ධයෙන් බොරු සාක්ෂි හදන්න ගියා. පැය විසි හතරක් යන්න කලින් අධිකරණයට දක්වන්න ඕන කරුණු මාධ්‍යයට දක්වලා වැඩේ අනාගත්තා.
දැන් වත් සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න. ඒක තාජුඩින්ගේ ආත්මයට කරන සාධාරණයක්.