දරුවෙකුට මව් සෙනෙහස ඕනෑම මොහොතේදී දිලිනිගේ දරුවාට ඒ සෙනෙහස අහිමිවෙනවා. දිලිනි චම්පිකා කියන්නේ ඇඟලුම් සේවිකාවක්.
“ඇඟලුම් සේවිකා. අළුබෝමුල්ලේ දිලිනි චම්පිකා සොයිසා
ඊයේ පස්වරුවේ අළුබෝමුල්ල සුසාන භූමියේදී. අවසන් ගමන් ගියා.
පුංචි දුව ලොකු උනාම ආයි කෝ අම්මා කියලා. එතකොට මොනවා කියන්නද කියලා දන්නේ නෑ. එයාට අම්මගේ වියෝව ඒ තරම් තේරුනේ නැහැ
ඒත් කාලයක් යනකොට අම්මගේ සෙනෙහස දයාව කරුණාව නැතිවෙනකොට
එයාටම තේරෙයි
දිලීට වගේම අපටත් ඒ උරුමය. කරුමයක් සේ කොයි මොහොතක කොයි වේලාවේ. සිදු වෙන්නට පුළුවන්.
අම්මගෙන් ලැබෙන ආදරය උණුසුම කරුණාව දයාව
තවත් කාගෙන්වත් ගන්න බෑ දෙයියනේ
චූටි දුවට. අද රෑ නිදාගන්න වෙන්නේ. අම්මගේ තුරුල්ලේ නොවෙයි
එයාට පාළුවක් තනිකමක් දැනේවි
කෝ අම්මා එයා. හැමෝගෙන්ම ම අහවි
කියන්නට උත්තර නැත.
ඇයි දෙයියනේ දිග මේ වගේ දෙයක් වුණේ
හැමෝටම ප්‍රශ්නය ඒකයි.
අවුරුදු විසිහතක් වගේ අඩු වයසකින්
ජීවිතය අත්හරින්නට සිදුවීම. කණගාටුවක් වුවත්
වේලාව එනකොට අපි හැමෝටම. යන්නම යන්න වෙනවා..”