සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණින් රජය තවත් වැඩ පිළිවෙලකට අත ගහලා. ඒ තමයි බේරේ වැව ජලතර ගුවන් තොටුපළක් (water Aerodrome ) බවට පත් කිරීම. ඒ අනුව කටුනායක සහ කොළඹ අතර ගුවන් ගමන් සේවාවක් ආරම්භ වෙනවා. එම අවස්ථාව අද (03) ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වූ බිමල් රත්නායක අතින් සිදු වුණා.
මෙම සේවය බාර වී ඇත්තේ සිනමන් ගුවන් සමාගමටයි. ඒ අනුව කටුනායක වෙත පැමිණෙන සංචාරකයින් සහ ව්‍යාපාරික ප්‍රජාවට කෙටි වේලාවකින් සුව පහසුව කොළඹ නගරය වෙත ගමන් කිරීමට අවස්ථාව ලැබෙනවා. එහි පළමු ගමන්වාරය ලෙස එම සමාගමට අයත් Cessna 208 මාදිලියේ ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපලේ සිට Cinnamon Lake side Pire දක්වා පැමිණියා.
එහි ප්‍රධාන ගුවන් නියමු ලෙස කපිතාන් ඉන්දික ප්‍රේමදාස සහ සහයක නියමු ලෙස ඉසුරු මුණසිංහ කටයුතු කළා..