මහව කෝන්වැව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ නිවස ඉදිරිපිට වයස මාසයක පමණ බිළිඳියක් අද (2) දමා ගොස් ඇතැයි මහව පොලිසිය පවසනවා.
කෝන්වැව මහව ලිපිනයේ පදිංචි පවුල් සෞඛ්‍ය සේවිකාවක වූ ඉන්ද්‍රාණි අනුලා මහත්මියගේ නිවසේ ඉදිරිපස විවෘත කොටසේ පුටුවක් මත මෙම බිළිඳා දමා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරනවා.
නිවැසියන් මෙම සිදුවීම මහව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් මෙම බිළිඳියව නිකවැරටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මහව පොලිසිය මගින් මේ සිදුවීම පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන අතර මෙම බිළිඳියගේ මව පියා කවුරුන් දැයි තවම අනාවරණය කරගෙන නොමැති බවද පොලිසිය සඳහන් කරනවා.