සා. පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්

245

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින සිටින සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීම සඳහා ලබා දී තිබෙන අවස්ථාව එළැඹෙන ඔක්තෝබර් 9වනදා අවසන් වේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ, එදින මධ්‍යම රාත්‍රී 12න් පසු මාර්ගගත ක්‍රමවේදය වසා තබන බවය.

එමෙන්ම යළි කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත්, අවසාන දිනට පෙර අයදුම්පත් යොමු කිරීම අනිවාර්ය බවත් එම නිවේදනයේ දැක්වේ.

එළැඹෙන සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් අයදුම්පත් කැඳවීම ඉකුත් සැප්තැම්බර් 18වනදා සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ දිනවල සිදුකෙරේ.

මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය නම් 0112-784208/ 0112-784537/ 0112-785922 දුරකතන අංක යටතේ විමසිය හැකිය.

ඊට අමතරව 0112-784422 යන ෆැක්ස් අංකය හෝ [email protected] යන විද්‍යුත් තැපෑල මගින්ද විමසීම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *