BREAKING NEWS
Search

තිදරු පියාට දිවි අහිමි කළ ඛේදවාචකය

208

ආණමඩුව සියඹලාගස්වැව ප්‍රදේශයේ පුද්ගලයෙකු වනඅලි පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ 65 හැවිරිදි තිදරු පියෙකි.

අදාළ පුද්ගලයා අද (02) උදෑසන 6.30ට පමණ නිවසේ සිට තම සොහොයුරාගේ නිවස වෙත ගමන් කරමින් සිටියදී මෙසේ වනඅලි ප්‍රහාරයට ලක්ව ඇත.

සියඹලගස්වැව ජනතාව චෝදනා කරන්නේ අලි ඇතුන්ගේ ප්‍රහාරයන්ට ලක්ව මීට පෙරද මෙම ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකුම ජීවිතක්ෂයට පත් ව ඇති බවය.

එමෙන්ම මෙම වනඅලි හා ඇතුන් සියඹලාගස්වැව ආසන්නයේ ගම්මානවලට කඩා වදින බවත් එලෙස කඩා වදින අලි ඇතුන් 20කට ආසන්න සංඛ්‍යාවක් දිවා රාත්‍රි මෙහි සැරිසැරිම හේතුවෙන් ජන ජීවිතයේ කටයුතු අඩාල වී ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටී.

කෙසේ වෙතත් මෙම සිදුවීම දැනුම්දීමත් සමග ආණමඩුව ප්‍රාදේශිය ලේකම්වරයාද එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *