රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
❌
ඔබ ලබාදුන් පිළිතුර වරදී. නැවත උත්සාහ කරන්න
ඔබට ලැබී ඇති මෙම තරග අංකය ෆේස්බුක් පිටුවේ ඇති POST එකේ COMMENT කර තහවුරු කරන්න
කොපි විය!
කොළඹ පිහිටි සිනමන් ලයිෆ් ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ සුඛෝපභෝගී හෝටලයේ කාමරයක් තුළ 45 හැවිරිදි පුද්ගලයෙකු ගෙල වැලලාගෙන මියගොස් සිටියදී අඟහරුවාදා සවස් වරුවේ සොයාගෙන තිබේ.
මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා දින හතරක කාලයක් තිස්සේ ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ හි පිහිටි නුවා හෝටලයේ නවාතැන් ගෙන සිට ඇති බව පොලීසිය පවසයි. ඔහුගේ කාමරයේ දොර දිගින් දිගටම වසා තිබීම පිළිබඳව සැක සිතූ හෝටල් කාර්ය මණ්ඩලය විසින් ඒ බව පොලීසියට දැනුම් දී ඇත.
පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් අදාළ කාමරයේ දොර කඩා ඇතුළු වීමේදී ඔහු ගෙල වැලලාගෙන මියගොස් සිටිනු දැක තිබේ. සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී ද මරණයට හේතුව ගෙල වැලලා ගැනීම බවට තහවුරු වී ඇත.
සියදිවි නසා ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. කෙසේ වෙතත්, ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ සංකීර්ණයේ මෑතකදී විවෘත වූ කැසිනෝ ශාලාවේ සූදු ක්‍රීඩාවේ යෙදීමෙන් විශාල මුදලක් පරාජය වීමෙන් අනතුරුව මෙම මරණය සිදුවන්නට ඇති බවට තොරතුරු වාර්තා වේ.
Gossip Lanka News