රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
විවිධ ක්ෂේත්‍ර සඳහා තරුණ තරුණියන් හැටදාහක් පමණ අලුතින් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න සඳහන් කරනවා.
කෙසේ වෙතත් , පසුගිය අයවැයෙන් ද තිස්දහසකට රැකියා අවස්ථා ලබා දීමට යෝජනා කෙරිණා. මේ අනුව එම ප්‍රමාණය ඉක්මවා හැටදහසක පමණ රැකියා ප්‍රමාණයක් ලබාදීමට රජය තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර කළමනාකරණ සේවා පත්වීම් 1890ක් පසුගියදා ලබා දුන් බව පැවසූ අමාත්‍යවරයා රට පුරා තරග විභාග පවත්වා එම පත්වීම් දුන් බවද සඳහන් කළා.
එසේම , තරග විභාගවලින් තොරව හිතවත්කම් මත රැකියා ලබා නොදෙන බව ද ඇමතිවරයා මෙහිදී සඳහන් කළා.
















