J.K. Rowling සහ emma watson කියන්නේ ලෝකයේ කා අතරත් ජනප්‍රිය චරිත ද්විත්වයක්.
ගැටුමේ ආරම්භය වූයේ 2020 වසරේදී රෝලිං විසින් ලිංගිකත්වය ජීව විද්‍යාත්මක යථාර්ථයක් බවට ප්‍රකාශ කිරීමත්, ඊට ප්‍රතිචාර ලෙස වොට්සන් ඇතුළු නළු නිළියන් ලිංගිකත්වය වෙනස් කළ පුද්ගලයන්ගේ අයිතිවාසිකම්ට සහාය පළ කිරීමත් සමගයි.
මෑතකදී වොට්සන් පොඩ්කාස්ට් වැඩසටහනකදී පැවසුවේ මතවාදී වෙනස්කම් තිබුණද තමා රෝලිංට තවමත් ආදරය කරන බවයි.
මෙයට ප්‍රතිචාර දැක්වූ ජේ.කේ රෝලිං සැප්තැම්බර් 29 දින ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ජේ. කේ රෝලින් චෝදනා කරන්නේ වොට්සන් තම ධනය හා කීර්තිය නිසා අඥාන වී ඇති බවටයි.
ජේ.කේ රෝලිං ජීව විද්‍යාත්මකව උපතින්ම ගැහැනු වූ කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා පෙනී සිටිනවා.
ඇය කියා සිටින්නේ ලිංගිකත්වය වෙනස් කළ කාන්තාවන්, කාන්තා වැසිකිළි හෝ නවාතැන්පොළ වැනි ‘කාන්තාවන්ට පමණක් වෙන් වූ අවකාශයන්ට’ ඇතුළු වීම සීමා කළ යුතු බවයි.


















