BREAKING NEWS
Search

ලෝක ළමා දිනය දා ළිදෙන් ආ මාරයා පුංචි පුතා බිලිගනී

18

ලෝක ළමා දිනය සැමරෙමින් තිබූ අද දින වයස අවුරුදු හතරක කුඩා දරුවකු නිවස පිටුපස ළිඳට වැටීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් ඇතැයි නවගගමුව පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්වූයේ ඉහළ බෝමිරිය, පදිංචි ව සිටි සේනුක නිල්ශාන් හෙට්ටිආරච්චි (4) නැමති දරුවෙකි.

නීවස පිටුපස ඇති මේ ළිඳ දැලකින් ආවරණය කොට ඇතත් වැඩිහිටි අවධානය මග හැරුනු දරුවා ළිඳට එබී බලන්නට ගොස් ඒ තුලට වැටෙන්නට ඇති බවට පොළිසිය සැක පහල කරයි.

අද දින පෙරපාසලට ගොස් එහි ළමා දින උත්සවයටද සහභාගි වී තෑගි භෝග ලබාගෙන නිවසට පැමිණ සෙල්ලම් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ක මියගොස් ඇතැයිද පොලිසියය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *