BREAKING NEWS
Search

විදුහල්පතිට ස්ථාන මරු ලිපිය රැගෙන ගිය කාලාප අධ්‍යක්ෂිකාවට පාසලෙන් කල අමානුෂික වැඩේ

945

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කන්තලේ අග්‍රබෝධී ජාතික පාසලේ විදුහල්පතිට එරෙහිව පැවැත්වූ විමර්ශනයකින් පසුව ස්ථාර මාරු කිරිමේ ලිපිය රැගෙන අද පස්වරුවේ විදුහලට පැමිණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.එච්.එන්. දුලාංජලී මහත්මියට විදුහලේ දොරටු වසා පිටතට යෑමට නොදී පැයක පමණ සිරකර තැබීමට කිසියම් පිරිසක් කටයුතු කර තිබුණි.

විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ යැයි කියාගත් කිහිප දෙනකු මෙලෙස දොරටුව වසා ඉබි යතුර දමා තිබූ අතර එයට සහාය දක්වමින් ගුරුවරු පිරිසක්ද විදුහල් භූමියේ රැඳී සිටින අයුරු දක්නට ලැබුණි.

කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ තාවකාලික වැඩ බලන විදුහල්පති එස්.කේ.සමරනායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත ස්ථාන මාරුව කිරීමේ ලිපිය රැගෙන පැමිණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය පැයකට ආසන්න කාලයක් මේ නිසා සිය නිල රථයට වී සිටීමට සිදු වූවාය.

සිද්ධිය සැලවු විගස මාපිය පිරිසක්ද පැමිණ ප්‍රධාන දොරටුවෙන් පිටත රැදි විදුහල්පතිට එරෙහිව “ස්ථාන මාරුවක් ලැබුණේ නම් යන්නයි” හඬ නගන්නට විය.

සිද්ධිය සැලවු වහාම ක්‍රියාත්මක වූ කන්තලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.එම්. සංජීව බණ්ඩාර මහතා මූලස්ථාන පොලිසියේ පොලිස් නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් යොදවා ප්‍රධාන දොරටුව විවෘත කර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරියට පිටතට යෑමට ඉඩ සැලසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *