ඒ අරන් එළියට බැස්සා මොනවා කතා කළාද කියලා මම දන්නේ නැහැ. අපේ තත්තාගේ සිද්ධිය සම්බන්ධයෙන් ජෙීසීබී සමන්, තැඹිලි ලහිරු ඔය ගොඩක් කට්ටිය දැන් රට ඉදන් අල්ලගෙන ආවානේ. නමුත් මම කියන්නේ ඇයි ඒ ගොල්ලෝන්ගෙන් විතරක් නැවතුණේ, නමුත් මම කියන්නේ ඒ සිද්ධියේ අපේ අම්මා ඉන්නවා. මට මුලින්ම සැකය අවේ අපේ අම්මා. තාත්තා නැතිවුණාම තාත්තා මරපු එකා මොකටද මගේ අම්මට ලක්ෂ දෙකහමාරක් යොමු කරන්නේ. මළ ගෙදරදී දෙතුන් දෙනකුටම කියලා තිබුණා. මම සාක්ෂි ඇතුව මේ කියන්නේ. ‘මට ඉතුරු වෙන්න ඕන එකා නෙමෙයි ඉතුරු වුණේ කියලා. පවුලේ අයට ඇහිලා තියෙනවා අම්මා කෝල්වලින් කියනවා. ‘මට ඉතුරු වෙන්න ඕන එකා නෙමෙයි ඉතුරු වුණේ මම කොහොමද මූව බලාගන්නේ. හදාගන්නේ කියලා. නංගියි මල්ලියි මැරිලා කියලා අම්මා ලංකාවට එනකල් දන්නේ නැහැ. අම්මට ඕන වුණේ ඇත්ත වශයෙන්ම කියනවා නම් මාවයි තාත්තවයි මරන්න. මොකද මමයි තාත්තයි හිටියොත් තමයි අම්මට ඔය හොර සම්බන්ධතාවය ලංකාවේ කරගෙන යන්න බැරි.
Home දේශිය පුවත් තාත්තා නැතිවුණාම තාත්තා මරපු එක්කෙනා මොකටද මගේ අම්මට ලක්ෂ දෙකහමාරක් දාන්නේ – කජ්ජගේ පුතාගෙන් ආන්දෝලනාත්මක කතාවක් එලියට

දේශිය පුවත්
තාත්තා නැතිවුණාම තාත්තා මරපු එක්කෙනා මොකටද මගේ අම්මට ලක්ෂ දෙකහමාරක් දාන්නේ – කජ්ජගේ පුතාගෙන් ආන්දෝලනාත්මක කතාවක් එලියට
Oct 01, 2025, 22:04 pm0
764මේ රගර් ක්‍රීඩක වසීම් තාජූඩීන්ගේ මරණයට ගැන ඇහෙන අලුත්ම කතාවක්…
“2012 දී මගේ තාත්තා බස් කොන්දොස්තර කෙනෙක් හොරණ කොළඹ පාරේ. මට මගේ තාත්තව අඳුන ගන්න පුළුවන්. තාත්තගේ සහෝදර සහෝදරියන්ට තාත්තව අඳුන ගන්න පුළුවන්. මම කියන්නේ මගේ තාත්තා වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරන්න කියලා විතරයි.” යැයි මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා” නමැත්තාගේ වැඩිමහල් පුත්‍රයා අද පැවසුවා.
රගර් ක්‍රීඩක වසීම් තාජූඩීන්ගේ මරණයට අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා” සම්බන්ධ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව අද (01) මධ්‍ය හමුවකදී ඔහු එලෙස ඉඳුවර අමීෂ් විදානගමගේ (16) සිය ෆේස්බුක් ගිණුමේද සටහනක් තබමින් මේ සම්බන්ධයෙන් අදහස් පළකර තිබුණා.
වසීම් තාජුඩීන් ඝාතනයට ලක්වූ දිනයේ ඔහුගේ මෝටර් රථය පසුපස හඹාගිය වාහනයේ කජ්ජා නමැත්තා ගමන් කර ඇති බවයි පොලිසිය ඊයේ (30) ප්‍රකාශ කළේ. ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි මිනුර සෙනරත් ඒ සම්බන්ධ කරුණු අනාවරණ කර තිබුණා.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ඝාතනයට ලක්වූ කජ්ජා නැමැත්තාගේ පුත්‍රයා අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ තම පියා කිසිදු අවස්ථාවක එවැන්නකට සම්බන්ධ නොවන බවයි. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නොවන බව ද එම පුතු සඳහන් කළා.
මාධ්‍ය හමුවේදී ඉඳුවර විදානගමගේ මෙසේද පැවසුවා.
”මම නිව්ස් එක බලනකොට මට ඇඬුණා. මොකද මම දන්නවා මගේ තාත්තා ඔහොම දෙයක් කළේ නැහැ කියලා. එදා වීඩියෝ පටය මට පෙන්නද්දි අම්මත් හිටියා මමත් හිටියා සී අයි ඩී එකේ. අම්මාගෙන් වෙනම ප්‍රශ්න කළේ. මගෙන් වෙනම ප්‍රශ්න කළේ. අම්මා එවෙලේ මට ඇහෙන්න කිව්වා, මට හොඳට මතකයි ‘’නෑ සර් ඕක වෙන්න බෑ. ඔය අරුණ නෙමෙයි. අරුණ මේ වගේ නෙමෙයි. ඔහොම ඉන්නේ නෑ කියලා. නමුත් පස්සේ මාව වාඩි කරවලා විනාඩි පහකට විතර අම්මව ගත්තා වෙනම කාමරයකට.
2012දී ඔය මැරුණා කිව්ව පුද්ගලයාගේ සිද්ධියට මගේ තාත්තාගේ කිසිම සම්බන්ධයක් නැහැ. මම කිසිම දේශපාලනඥයකුටවත් දේශපාලන පක්ෂයකටවත් නෙමෙයි මම මේ කියන්නේ. මගේ තාත්තා වෙනුවෙන්. මගේ තාත්තගේ නිර්දෝෂී බව තමයි මම මේ ඔප්පු කරන්නේ.
2012 දී මගේ තාත්තා බස් කොන්දොස්තර කෙනෙක්. හොරණ කොළඹ පාරේ. මට මගේ තාත්තව අඳුන ගන්න පුළුවන්. තාත්තගේ සහෝදර සහෝදරියන්ට තාත්තව අඳුන ගන්න පුළුවන්. මම කියන්නේ මගේ තාත්තා වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරන්න කියලා විතරයි. මගේ අම්මව අත්අඩංගුවට අරගෙන මේ සම්පත් රාමනායක කියන පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන දෙදෙනාගෙන්ම විමර්ශනයක් කරන්න. 2012 දී නැතිවෙච්ච එකට ඇයි මෙච්චර කාලයකට රජයකට බැරි වුණේ ඒක. මගේ අහිසංක තාත්තා මැරුණට පස්සේ එයගේ පිටට ඔක්කෝම වැරදි දාලා මෙහෙම කරන එක හරිද?
ඕගොල්ලෝ හොඳට හොයලා බලලා කියන්න මගේ තාත්තා මේකට සම්බන්ධ නම් මම වැරැද්ද පිළිගන්නවා. මට සීයට දාහක් විශ්වාසයි මගේ තාත්තා කිසිම වෙලාවක ඒ වැරැද්ද කරන්නේ නැහැ. මගේ තාත්තා කිසිම විටෙක කිසිම මත්ද්‍රව්‍යයක් භාවිතා කරලා නැහැ . කිසිම මත්ද්‍රව්‍යයක් වෙලෙදාම් කරලා නැති පුද්ගලයෙක්. ඔය සමන්ලට වගේම දකුණු පළාතේ මත්ද්‍රව්‍ය බෙදා හරින්නන්ට බෙදා හරින්න දුන්නේ නැහැ. තාත්තා පොලිසියට ඔත්තු දෙනවා. පොලිසියට අල්ලගෙන ගිහිල්ලා භාරදෙනවා. මගේ තාත්තා ඇඹිලිපිටිය පොලීසියට කුඩු කිලෝ 100ක් අල්ලලා දුන්නා. ඒ ප්‍රශ්නෙට තාත්තාට එක වරක් වෙඩි තිබ්බා.”
Previous Postපිහිනුම් තටාකයට වැටුණු පුතුගේ මොළයට හානි... - පියා පොලිසියේ පිහිට පතයි...
Next Postආයේනම් රත්තරන් ගන්නවා බොරු. හිතාගන්නවත් බැරි විදිහට ඉහල ගිය රන් මිල
















