BREAKING NEWS
Search

ආහාර විෂ වී පාසලක ළමයි 45ක් රෝහල් ගතකෙරේ

120

හිඟුරක්ගොඩ, බකමූණ අධ්‍යාපන කොට්ඨාසයේ, කෝට්ටපිටිය කනිටු විදුහලේ ළමයි 45කට ආසන්න සංඛ්‍යාවක් ආහාර විෂ වී රෝහල් ගත කර තිබේ.

අදට යෙදී තිබුණු ලෝක ළමා දිනයට සමගමීව එම විද්‍යාලයේ පවත්වා තිබූ වැඩසටහනකදී ලබාදුන් ආහාර වේලක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන බව සඳහන්.

අදාළ වැඩසටහන අවසන් වී දරුවන් නිවෙස්කරා ගිය පසු මෙම අසාත්මිකතාව ඇතිව තිබේ.

ඒ සමග එක් එක් දෙමව්පියන් තම දරුවන් බකමූණ ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන පැමිණ ඇත.

ඉන් දරුවන් කිහිප දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඇතැම් අය ප්‍රතිකාර ලබා නිවෙස් ගොස් තිබේ.

පාසලේ මුලු සිසුන් සංඛ්‍යාව 230කට ආසන්න වන අතර, එම සියල්ලට මෙම ආහාර වේල ලබා දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බකමූණ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *