BREAKING NEWS
Search

අණ නොතකා පලාගිය වෑන් රථයට නිට්ටඹුවේදී පොලිසියෙන් වෙඩි. CCTV කැමරා දර්ශණ මෙන්න

266

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අද (01) අලුයම 1.15ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, වෑන් රථයේ ගමන් ගත් තිදෙනෙකු පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගම්පහ කොට්ඨාශ පොලිස් යතුරුපැදි ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් නිට්ටඹුව – කටුනායක මාර්ගයේ උදම්මිට හංදියේ මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිට තිබුණි.
පසුව සැකකටයුතු ලෙස වේයන්ගොඩ දෙස සිට නිට්ටඹුව දෙසට වෑන් රථයක් ගමන් කර තිබේ.
අදාළ වෑන් රථය නැවැත්වීමට පොලිස් නිලධාරීන් විසින් සංඥා කිරීමේ දී වෑන් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් යතුරුපැදි ඒකකයේ නිලධාරීන් වෑන් රථය පසුපස හඹා ගොස් නිට්ටඹුව නගරයේ ආලෝක සංඥා වැටී තිබිය දී වෑන් රථයේ ඉදිරිපස හා පිටුපස දකුණු ටයරයට ටී 56 ගිනිඅවියෙන් වෙඩිතැබීමක් සිදුකර තිබුණි.
අනතුරව වෑන් රථයේ සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අධික ලෙස බීමතින් සිට ඇති බවත් පොලීසිය පැවසීය.
එහි රියදුරු ලෙල්ලොපිටිය පදිංචිකරුවෙකු බවත් සෙසු පිරිස රත්නපුරේ පදිංචිකරුවන් බවත් අනාවරණය වී තිබේ.
සැකකරුවන්ට තුවාල ඇත්තැයි පරීක්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්ය නිලධාරී වෙතයොමු කර ඇති අතර, සැකකරුවන්ව අත්තනගල්ල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *