BREAKING NEWS
Search

මේ රැකියා පුරප්පාඩුව සඳහා රජයෙන් අයදුම්පත් කැඳවයි

212

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (ඕ.එම්.පී) සාමාජික ධුරයේ 2025 ඔක්තෝබර් මාසයේ ඇතිවීමට නියමිත පුරප්පාඩුව පිරවීම වෙනුවෙන් අයදුම්පත් කැඳවා ඇත.

ඒ අනුව 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ (සංශෝධිත පරිදි) විධිවිධාන ප්‍රකාරව මෙම අයදුම්පත් කැඳවීම සිදුරයි.

එබැවින් අඳාළ පුරප්පාඩුව පිරවීම සඳහා;

•සිද්ධිමය කරුණු සෙවීම හෝ විමර්ශනය සිදු කිරීම,

• මානව හිමිකම් නීතිය,

• ජාත්‍යන්තර මානුෂීය නීතිය,

• මානව ප්‍රතිචාර පිළිබඳ පූර්ව පළපුරුද්දක් සහිත

හෝ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (ඕ.එම්.පී) කර්තව්‍ය ඉටු කිරීමට අදාළ වෙනත් සුදුසුකම් සහිත තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවනු ලබන බව වාර්තා වේ.

ඒ සඳහා වූ අයදුම්පත්‍රය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (http://www.parliament.lk) ‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සඳහා සාමාජිකයන් පත්කිරීම’ නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර ඇති ආකෘතිය අනුව පිළියෙල කළ යුතු වෙනවා.

යථා පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2025 ඔක්තෝබර් 14 දින හෝ එදිනට පෙර,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය,

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව,

ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ

යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ http://[email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු බව දැනුම් දෙයි.

එසේම ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ විද්‍යුත් ලිපියෙහි විෂය ලෙස ‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සඳහා සාමාජිකයන් පත්කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතු බව දැක්වේ.

සබැඳිය: https://www.parliament.lk/si/secretariat/advertisements/view/338




Leave a Reply

Your email address will not be published. Required fields are marked *