වෙහෙරගල වැවෙන් අවි ආයුධ තොගයක් සොයාගනී

135

කතරගම, වෙහෙරගල වැවේ තිබී අවි ආයුධ තොගයක් සොයාගෙන ඇතැයි පොලිසිය පවසනවා.

එහි T 56 මැගසින් 74 ක්, T56 LMG මැගසින් 36 ක්, T 81 ඇතුළු හඳුනා නොගත් මැගසින් කිහිපයක් වන බවද පොලිසිය සඳහන් කළා.

මේ අතර පතොරම් සහිත යැයි සැක කෙරෙන පෙට්ටි දෙකක් සහ ආයුධ සහිත යැයි සැක ගෝනි දෙකක්ද සොයා⁣ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *