කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ, කතෝලික පල්ලියක් තුළ සිදුවූ අසාමාන්‍ය සිදුවීමක් සම්බන්ධයෙන් පසුගියදා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.
උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ කාන්තාවන් දෙදෙනෙකු පූජකවරයා මුලා කිරීමෙන් විවාහ වී ඇති බවයි.
කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු පිරිමි හෝමෝන ප්‍රතිකාර ලබා ගැනීමෙන් තම පෙනුම වෙනස් කර ඇති බවත්, එම නිසා පූජකවරයා ඇය පිරිමියෙකු ලෙස වරදවා වටහාගෙන ඇති බවත් උන්වහන්සේ සඳහන් කළා.
සමලිංගික විවාහයන්ට දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කළ කාදිනල්තුමන් තුමන්, ප්‍රශ්න කර සිටින්නේ එවැනි සබඳතා නිර්මාණය වන පවුල් ජීවිතවල ශක්‍යව පිළිබදවයි.
කලගෙඩිහේන ප්‍රදේශයේ පැවැති විශේෂ දේව මෙහෙයක් අතරතුර වැඩිදුරටත් අදහස් දක්වා ඇති උන්වහන්සේ, රජය විසින් LGBTQ+ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ගෙන ඇති පියවර ද විවේචනය කර තිබෙනවා.
එවැනි මුලපිරීම් මගින් රටේ සංස්කෘතික හර පද්ධතියට හානි විය හැකි බවට උන්වහන්සේ අනතුරු ඇඟවා ඇති බව සඳහන්.
සමලිංගික ආකර්ෂණය සහිත පුද්ගලයන්ට අනුකම්පාවෙන් සැලකිය යුතු බව අවධාරණය කළද, උපතින්ම එවැනි ප්‍රවණතා ඇති අය සහ බාහිර බලපෑම් හේතුවෙන් එය අනුගමනය කරන්නන් අතර වෙනසක් ඇති බව කාදිනල්තුමන් පැහැදිලි කර තිබෙනවා.
එසේම සමලිංගිකත්වය සාමාන්‍යකරණය වීමෙන් බටහිර කිතුනු ජාතීන්ගේ සංස්කෘතික හා සදාචාරාත්මක වටිනාකම් ඛාදනය වී ඇති බවද කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පවසා තිබුණා.

















