BREAKING NEWS
Search

සමස්ත ලංකා ජයග්‍රහණය රැගෙන එන අතරතුර නිවස ගිනි රකුසාට බිලි වෙලා – රත්නපුරෙන් ඇහෙන සංවේදී කතාව

232

රත්නපුර හිදැල්ලන ආනන්ද විද්‍යාලයේ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියක් විසින් තම පාසල නියෝජනය කරමින් ඒ කල බටනලා වාදන අංශයෙන් සමස්ත ලංකා තරඟයට තේරී පත්වී තිබුණේ දිස්ත්‍රික් මට්ටමින් සහ පළාත් මට්ටමින් ඇය ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහණ සමඟින්.

එම සමස්ත ලංකා තරඟයට සහභාගි වීම සඳහා ඇය පෙරේදා (28) දිනයේ කොළඹට පැමිණ තිබූ අතර සියලුම තරගකාරියන් අභිබවා යමින් එම තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඇය සමත් වී තිබෙනවා.

තමන්ට මෙන්ම තම පාසලටත් ඉමහත් කීර්තියත් අත්කර දෙමින් එම ජයග්‍රහණයත් සමඟ නැවතත් එම දියණිය නිවසට පැමිණෙන්නේ ඉමහත් වූ සතුටින්
නමුත් නැවත නිවස වෙත පැමිණි ඇයට දැක ගත හැකි වුණේ හද කම්පා කරවන දසුනක් වන අතර ඇය ජීවත් වූ නිවස තමාගේ සියලු වත්කම් සමඟින් ගිනිබත් වී තිබුණා.

ඇය සතුව තිබූ පාසල් නිල ඇඳුම්, පොත්පත් සහ සංගීත භාණ්ඩ ද ගින්නට හසුවී සම්පූර්ණයෙන් විනාශ වී තිබුණු බවයි පැවසෙන්නේ.
තරඟයට රැගෙන ගිය බටනලාව සහ ඇඳිවත පමණක් ඇය සතු එකම වස්තුව ලෙස ඇයට ඉතිරි වී තිබෙනවා.

රත්නපුර ගොළුවාවිල ප්‍රදේශයේ මෙම දියණියගේ පියා කුලී රථ රියදුරෙක් වන අතර මව රැකියාවක නිරත නොවන බවයි වාර්තාවන්නේ.
පවුලේ සිටින එකම දරුවා වන මෙම දියණිය සහ දෙමාපියන් දෙදෙනා ජීවත්ව ඇත්තේ වර්ග අඩි 60ක පමණ වන මෙම කුඩා නිවසෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *