BREAKING NEWS
Search

අම්මා තාත්තා වගේ මට ඉන්නේ නාමල් – ඇප හිමි වූ අර්චුනා කියයි

146

ඉකුත් සැප්තැම්බර් (22) දා පැවති විරෝධතාවක් අතරතුර, කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට බලහත්කාරයෙන් තම වාහනය නවතා පොලිස් රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් වූ චෝදනා මත අත් අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කළේය.

එහිදී මන්ත්‍රීවරයාට දැඩි ලෙස අවවාද කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

විපක්ෂ මන්ත්‍රීන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී චානක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සගර කාරියවසම් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවේදී අධිකරණයට පැමිණ සිටිනු දක්නට ලැබුනා.

ඇප ලබාගැනීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අර්චුනා රාමනාදන් පවසා සිටියේ තමාට මව පියා වෙනුවට ඉන්නේ නාමල් රාජපක්ෂ බවයි.

“මම කෙළින්ම කියන්නම්.. අද මට අම්මා තාත්තා නෑ. ඒ නිසා මම විෂ්වාස කරනවා මගේ අම්මා තාත්තා වෙනුවට ඇවිත් ඉන්නේ මගේ සහෝදරියයි නාමලුයි. මගේ ගරුත්වය කොහොමත් තියනවා. ඒ නිසා නාමල් වැරැද්දක් කරලා තියෙනවානම් එයාට නඩුවක් දාන්න. බබාල වගේ කියවන්න එපා.”

එම අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා සිටියේ තමා අර්චුනා මහතා බැලීමට පැමිණි බවයි.

ආණ්ඩුවට වැඩ බැරි නිසා පොඩි පොඩි හේතු හොයලා මන්ත්‍රීවරුන් උසාවි වලට ගෙන එන බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුව නීතිය මන්ත්‍රීවරුන් මර්දයනට යොදා ගැනීම වරදක් බවද සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *