මන්නාරම සහ යාපනය යා කෙරෙන සංගුපිටිය පාලම ආසන්නයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් බරපතල ලෙස තුවාල ලැබූ සය හැවිරිදි දැරියක්, රෝහල් ගත කිරීම සඳහා සහාය ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම ශෝචනීය සිදුවීමෙන් මියගොස් ඇත්තේ එස්. තනුෂිකා නමැති දැරියකි.
ඔවුන් එය අනවශ්‍ය කරදරයක් ලෙස සලකා එම ස්ථානයෙන් ඉවත්ව ගිය බව දැරියගේ පියා විලාප නගමින් ප්‍රකාශ කළේය.
එම අවස්ථාවේදී රථවාහන කිහිපයක් නතර කළද, එහි සිටි පුද්ගලයන් තුවාලකාරිය රෝහල් ගත කිරීමට සහාය දෙනවා වෙනුවට සිය ජංගම දුරකතනවලින් එම සිදුවීම වීඩියෝ ගත කර ඇති බවද පියා හැඬූ කඳුලින් කියා සිටියේය.
කිසිවෙකුගෙන් සහයක් නොලැබුණු මොහොතක, එම මාර්ගයේ සිය පෞද්ගලික වාහනයෙන් ගමන් කරමින් සිටි යාපනය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ පී. සත්‍යමූර්ති මහතා අනතුර දැක වහාම ක්‍රියාත්මක වී තිබේ. ඔහු විසින් එම ස්ථානයේදීම දැරියට ප්‍රථමාධාර ලබා දී සිය වාහනයෙන්ම ඇයව චාවකච්චේරි රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. එසේ වුවද, රෝහල් ගත කිරීම සඳහා ගත වූ දීර්ඝ කාලය හේතුවෙන් දැරියගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බව පියා වැඩිදුරටත් සඳහන් කළේය.


















