රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට අලුතින් 2000 ක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
ඔවුන් නිල වශයෙන් රාජ්‍ය සේවයට එක් කෙරෙන “පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය” අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට පැවැත් වීමට නියමිත බව සදහන්.
2018 වර්ෂයෙන් පසු උසස් පෙළ සුදුසුකම් මත තරඟ විභාගයකින් රාජ්‍ය සේවයට ඇතුළත් වන වැඩිම පිරිස මොවුන් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරනවා.
රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහා 30,000 ක් බඳවා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැයෙන් සැලැස්මක් යෝජනා කළ අතර වරින් වර එම බඳවා ගැනීම් සිදු කරමින් සිටින බවද අමාත්‍යාංශය කියයි.
















