Search

වැරදි පැත්තෙන් කෝච්චියෙන් බැහැපු පාසල් දරුවා ජීවිතයෙන් වන්දි ගෙවයි

3876

රඹුක්කන පොලිස් වසමේ තිස්මල්පොල දුම්රිය ස්ථානයේ දී දුම්රියක ගැටීමෙන් ඊයේ (27) දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මෙම පිරිමි දරුවා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ මැදගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 14ක දරුවෙක්.

මෙම දරුවා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක තිස්මල්පොල දුම්රිය ස්ථානය දක්වා ගොස් තිබෙනවා.

එහිදී දුම්රියෙන් බැසීමේදී මෙම දරුවා පමණක් දුම්රිය වේදිකාවට නොබැස දුම්රිය මාර්ගයට බැසීමේදී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී ඇති බවයි සිදු කළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.

රඹුක්කන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *