BREAKING NEWS
Search

ජීවිතයේ වැඩි ආයු කාලයක් භුක්ති විඳින්න ඔබත් කැමති ද?

58

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ලොව සෑම රටකම පාහේ සෑම පුද්ගලයෙකුටම උපරිම ආයු අපේක්ෂා විඳීමේ බලාපොරොත්තවක් පවතී. මෙම මට්ටම රටෙන් රටට වෙනස් වන අතර ඇතැම් රටවල ආයු අපේක්ෂාව ඉතා ඉහළ වන අතර ඉතා අඩු ආයු අපේක්ෂාවන් තිබෙන රටවල්ද දැක ගත හැකිවේ.

කෙසේ වුවත් ලොව සෑම මනුෂ්‍යයෙකුටම අවශ්‍ය වන්නේ එක් දිනක් හෝ වැඩියෙන් ජීවත් වීමට ය. අඩු වයසින් මියැදෙනවාට වඩා වැඩි ආයු කාලයක් භුක්තිවිඳ සතුටින් මිය යෑමට ඕනෑ කෙනෙකු කැමති ය. එසේ ඉහළ ආයු අපේක්ෂාවක් විඳීමට නම් පහත කම අනුව ගැනීම ඔබට වඩාත් සුදුසු වෙයි.

01. ආකල්ප

විශ්ලේෂකයන්ට අනුව ධනාත්මක ආකල්ප තිබීම ඉහළ ආයු අපේක්ෂාවක් රඳවා තබා ගැනීමට හේතුවේ. එනම් සෑම විටම සෑම දෙයක් කෙරෙහිම ධනාත්මකව සිතීම සෞඛ්‍යයට සහ මානසික මට්ටමට හේතුවන අතර ධනාත්මක ආකල්ප මඟින් පුද්ගල ආතතිය අඩු කරන බැවින් නිශේධනාත්මක අදහස් ඇති පුද්ගලයෙකුට වඩා ධනාත්මක ආකල්ප ඇති පුද්ගලයන් වැඩි වාරයක් ජීවත් වන බව සොයාගෙන තිබේ.

02. දැනුවත්භාවය

දීර්ඝායුෂ වැඩි වන්නේ කුමකින්ද තමා කළ යුත්තේ කුමක්ද ? තමා ගත යුතු ආහාර මොනවාද? තමා සිදුකළ යුතු ව්‍යායාම සහ ශරීර සෞඛ්‍යය පවත්වාගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව දැනුවත්භාවයක් ඔබට කුඩා කල සිට තිබිය යුතු ය. එය ඔබේ ආයු කාලය ටිකෙන් ටික දියුණු කර ගැනීමට ඉවහල් වෙයි. මනා දැනුමක් ලබා නිවැරදිව ජීවිතය ගත කරන ආකාරය මෙනෙහි කර ගනිමින් සිටින්නේ නම් ඔබට වැඩි කාලයක් ආයුෂ වැළඳිය හැක.

03. ක්‍රියාකාරකම

පෝෂණය ලබා ගනිමින් දිනපතා ව්‍යායාම කරමින් ක්‍රියාශීලීව සිටීම ආයු කාලය දීර්ඝ කර ගැනීමට අතිශයින් හේතුවන්නක් බැව් සොයාගෙන තිබේ. ශරීරයේ නම්‍යශීලී බව, ශරීරයේ ශක්තිය පවත්වා ගැනීම, නිවැරදිව හුස්ම ගැනීම හා ශරීර සමබරතාව පවත්වා ගැනීම මගින් ශරීර සෞඛ්‍ය ඉතා යහපත් තත්ත්වයට පත්වන බව සොයාගෙන තිබේ. වඩා වැඩි දීර්ඝායු කාලයකට හේතු වේ.

04. ජයග්‍රහණය

ඔබ විශ්‍රාම ගත් පසුව හෝ ඔබ රැකියාවෙන් ඉවත් වූ පසුවත් නිකරුනේ කාලය ගත කරනවාට වඩා තමාට හැකි අයුරින් කුමක් හෝ කර එහි ඉලක්ක සපුරා ගැනීම මගින් තමා තමාවම සතුටු කර ගැනීම නිසා මානසික ආතතියත් ශරීර සෞඛ්‍යයත් ඉහළ මට්ටමකට ගෙන යා හැක. එයද දීර්ඝායු අපේක්ෂාවට හිමිකම් කියයි.

05. බැඳීම්

එසේම ඔබ දිගු ආයු අපේක්ෂාවක් බලාපොරොත්තු වන්නට නම් අනිවාර්යෙන්ම ඔබ සමග ඇති බැඳීම් තවදුරටත් ශක්තිමත් කරගැනීම වටී. පවුලේ සම්බන්ධතාවය මෙන්ම තමාගේ බිරිඳ හෝ සැමියා සමග ගත කරන කාලයත් දරුවන් සමග ගත කරන කාලයක් වඩා ගුණාත්මක අයුරින් ගත කිරීමටත්,සම්බන්ධතා තව තවත් සමීප කරගනිමින් ආදරය, කරුණාව, සෙනෙහස ආදිය මුල් කරගනිමින් ජීවත්වීමෙන් දිගු ආයු අපේක්ෂාවකට හිමිකම් කිය හැක.

06. ස්වයං පාලනය

විශේෂයෙන් වයස්ගත වන විට ස්වයං පාලනය අනිවාර්ය කාරණාවක් බවට පත්වෙයි. තරුණ වියේදී ඔබ සිදු කරන බොහෝ දේ ක්‍රම ක්‍රමයෙන් බැහැර කිරීමට සිදුවේ. එබැවින් ඔබ ඔබ වෙනුවෙන් කුමන දෙයක් සිදුකළ ද ඒවායේ සීමා මායිම් දැනගෙන සිදු කිරීම ඔබේ ජීවිතයට ඉතාමත් වටී.

07. වැළැක්වීම

එහෙම වැඩිහිටියන් වයස් ගතවන විට බොහෝ බාධක වලට මුහුණ දීමට සිදුවන නිසා අන්තර්ජාලය, පරිසරය, සමාජයේ ආශ්‍රය කිරීමේදී ඒ පිළිබඳව ඉතාමත් පූර්ව දැනුවත්භාවයක් ලබාගෙන සිටිය යුතු අතර ඉදිරියේ තියෙන බාධක වලට මුහුණ දීමට පෙර සූදානම් ශරීරයෙන් සිටිය යුතු වනවා සේම අනවශ්‍ය ආකාරයේ සිදුවීම් වළක්වා ගැනීමට ද කටයුතු කළ යුතුය.

මේ ආකාරයෙන් සිදුකිරීම මගින් දීර්ඝ ආයු කාලයක් විඳීමේ අපේක්ෂාව සහ ආශාව පරිපූර්ණ කර ගැනීමට ඕනෑම කෙනෙකුට හැකියාව ලැබෙනු ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *