විජේගේ දේශපාලන රැලියකදී පුද්ගලයන් 31ක් මරුට

159

තමිල්නාඩුවේ කරූර් දිස්ත්‍රික්කයේ පැවති විජේගේ දේශපාලන රැලියක ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ විශාල පිරිසක් එක්රැස් වීම නිසා ඇති වූ තදබදය හේතුවෙන් සමහර පුද්ගලයින් ක්ලාන්ත වී ඇති අතර ඒ හේතුවෙන් මෙම තෙරපීම ඇති වූ බවය.

මෙම රැලිය සඳහා අවම වශයෙන් 30,000ක පමණ පිරිසක්වත් සහභාගී වී සිට ඇති බව එරට පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම රැලිය සඳහා විජේගේ පැමිණීම පැය හයකට වඩා ප්‍රමාද වී ඇති අතර ඒ වන විටත් සෙනඟ පාලනය කරගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *