BREAKING NEWS
Search

නොසිතූ මොහොතක සිදුවුණු තවත් එක් භයානක රිය අනතුරකින් දිවි බේරාගත් වෛද්‍යවරයෙක් ගැන ඇසුණු කතාව මෙන්න..

804

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මහමගදී ඔබ නොසිතන වේලාවක පවා අනතුරු සිද්ධ වෙන්න පුළුවන්.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසුණු තවත් එක් විශේෂ සිද්ධියක් ගැන ඇසෙන කතාවක්.

වෛද්‍යවරයෙකු පැදවූ සුඛෝභෝගී මෝටර්රථයක් පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී පෙරළීයාමෙන් වෛද්‍යවරයා රෝහල් ගත කළ බව පිළියන්දල පොලිසිය පවසනවා.

සිදුවූ අනතුරින් වෙළඳසැල් දෙකක ඉදිරිපස කොටසට බරපතල හානි සිදුවුණා.

වෛද්‍යවරයා පිළියන්දල දෙස සිට කොළඹ දෙසට මෝටර් රථය ධාවනය කිරීමේදී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ගොස් වෙළඳසැල්වල ගැටී වට කීපයක් කැරකී පෙරළීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියාසිටියා.

වෛද්‍යවරයා රෝහල්ගත කර ඇත්තේ එම අවස්ථාවේදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බවයි පොලිසිය පවසන්නේ.

ඔහු පිළියන්දල දිසාරෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

අධික වර්ෂාව හේතුවෙන් ලිස්සා යාම මෙම අනතුරට හේතුවන්නට ඇති බවයි පොලිසිය සැක පළකරන්නේ.

පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වනවා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *